
ගාස්තු ඉහළ නැංවීම හේතුවෙන් ඉදිරියේදී අඩු ආදායම්ලාභී පවුල් සියයට 50 කට වැඩි ප‍්‍රමාණයක විදුලි සබඳතා විසන්ධි කිරීමේ අවදානමක් පවතින බව ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය පෙන්වා දෙනවා. එහි සම ලේකම් ඉසුරු කස්තුරිආරච්චි කියා සිටියේ වැඩිවූ විදුලි බිල ඔවුන්ට ගෙවාගැනීමට නොහැකිවන නිසා මෙම තත්වය ඇතිවිය හැකි බවයි.
මේ අතර, අඛන්ඩ විදුලි සැපයුමක් ලබාදීමේදී පවතින අභියෝග සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලයේ පාලනාධිකාරිය සහ විෂයභාර අමාත්‍ය කංචන විජේසේකර අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. එහිදී ප‍්‍රමාණවත් වර්ෂාපතනයක් නොමැතිවීම හේතුවෙන් මතුවිය හැකි තත්වයන් පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ.
එමෙන්ම, මාර්තු 1 වනදා සිට ජල බිල්පත් නිකුත් කරන අවස්ථාවේදී ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඩ්පත් මගින් එම බිල්පත් ගෙවීමේ වැඩපිළිවෙලක් ආරම්භ කරන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.