/
/
title icon
ගුවන්තොටුපල පොලිසියෙන් සැකකරුවෙකු පළා යයි – ස්ථානාධිපති ඇතුළු පොලිසියේ 04 කට වැඩ වරදී.
ගුවන්තොටුපල පොලිසියෙන් සැකකරුවෙකු පළා යයි – ස්ථානාධිපති ඇතුළු පොලිසියේ 04 කට වැඩ වරදී.
Editor
2 years ago
Share:
ගුවන්තොටුපල පොලිසියෙන් සැකකරුවෙකු පළා යයි – ස්ථානාධිපති ඇතුළු පොලිසියේ 04 කට වැඩ වරදී.

මනුෂ්‍ය ඝාතන 19 ක් සිදුකර ඩුබායි වෙත පළා යෑමට උත්සාහ කළ පුද්ගලයෙකු ගුවන්තොටුපල පොලීස් භාරයෙන් මිදී පළා යෑමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් ගුවන් තොටුපල පොලිසියේ ස්ථානාධිපතිවරයා, සැරයන්වරයෙකු ඇතුළු සිව්දෙනා ඊයේ රාත‍්‍රියේ මීගමුව මහේස්ත‍්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළා. එහිදී ස්ථානාධිපතිවරයා සහ කොස්තාපල්වරුන් දෙදෙනා ඇප මත මුදාහැරුණු අතර, සැරයන්වරයා ලබන මස 3 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි අධිකරණය නියෝග කළේ.

අපරාධ කිහිපයකට සම්බන්ධ, විදෙස් ගමන් තහනමක් ද නිකුත් කර තිබූ පුද්ගලයෙකු කටුනායක ගුවන්තොටුපලින් විදේශ ගතවීමට තැත් කිරීමේදී ආගමන විගමන නිලධාරින් විසින් රඳවාගෙන කටුනායක පොලීසියට භාරදීමෙන් පසු පොලිස් අත්අඩංගුවෙන් මිදී පෙරේදා රාත‍්‍රියේ පළා ගොස් තිබුණා. එදින පස්වරුවේ අදාළ පුද්ගලයා ව්‍යාජ නමකින් පෙනී සිටිමින් විදේශ ගතවීමට තැත් කර ඇති බව සඳහන්.

අවිස්සාවේල්ල මහේස්ත‍්‍රාත් අධිකරණය මගින් ඔහුගේ විදෙස් ගමන් තහනම් කරමින් පැනවූ නියෝගය ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත යොමුකර තිබී ඇති අතර, ගුවන්තොටුපල ආගමන විගමන නිලධාරින් විසින් ඒ පිළිබඳ තහවුරු කර ගැනීමෙන් පසු ඔහු රඳවාගෙන ගුවන්තොටුපල පොලීසිය වෙත භාර දී තිබුණා.

අදාළ පුද්ගලයා පොලිස් සිරමැදිරියේ රඳවා සිටියදී ඉන් පිටතට ගෙන ඇති අවස්ථාවක එම අවස්ථාවේ ඔහු අත්අඩංගුවෙන් මිදී පළා ගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

රාත‍්‍රියේ අදාළ පුද්ගලයා නිදහස් කර ගැනීම සඳහා භික්ෂුන් වහන්සේ දෙනමක ලෙස වෙස්වලා ගත් දෙදෙනෙකු ගුවන්තොටුපල පොලීසිය වෙත පැමිණ ඇති බවටද තොරතුරු වාර්තා වන බව අප වාර්තාකරු ප‍්‍රකාශ කළා.

මෙම පුද්ගලයා ඝාතන කිහිපයක් සම්බන්ධයෙන් චෝදනා ලැබූවෙකු වන අතර, පසුගියදා හංවැල්ල ප‍්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියටද සම්බන්ධ බවයි වාර්තා වන්නේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required