/
/
title icon
ඉන්දියාවේ භූ කම්පන ගැන අනියත බියක් එපා.
ඉන්දියාවේ භූ කම්පන ගැන අනියත බියක් එපා.
Editor
2 years ago
Share:
ඉන්දියාවේ භූ කම්පන ගැන අනියත බියක් එපා.

හිමාලය හෝ ඉන්දියාවේ උතුරු දිග ප‍්‍රදේශය ආශි‍්‍රතව නුදුරේදී භූ කම්පනයක් සිදුවිය හැකි බවට සිදුකරන උපකල්පන බැහැර කරන බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පවසනවා.

නුදුරු අනාගතයේදී ඉන්දියාවේ උතුරු දිග ප‍්‍රදේශයට රික්ටර් මාපකාංක 8 ක පමණ ප‍්‍රබල භූ කම්පනයකින් බලපෑම් එල්ල විය හැකි බවට භූ ගර්භ විද්‍යාඥයින් ඊයේ අනතුරු අඟවනු ලැබුවා. ශ‍්‍රී ලංකාවටද එහි බලපෑම් එල්ල වනු ඇති බවටයි ඔවුන් අනතුරු ඇඟවූයේ.

ඔවුන් පවසන්නේ එමගින් උතුරු ඉන්දියාවේ ප‍්‍රදේශවලට දැඩි හානි සිදුවීමේ හැකියාවක්ද පවතින බවයි. විද්‍යාඥයින් පුරෝකතනය කරන පරිදි මෙම භූ කම්පනයේ ප‍්‍රභලත්වය රික්ටර් මාපකාංක 8 ක් ඉක්මවනු ඇති බව සඳහන්.

මෙම පුරෝකතනය සත්‍ය වුවහොත් එහි ප‍්‍රභලත්වය මෙරටටත් දැනෙනු ඇති බවයි පැවසෙන්නේ. ඒ ඉන්දියාවේ හිමාචල් ප‍්‍රදේශයේ සිට කිලෝ මීටර් 2500කට නුදුරින් ශ‍්‍රී ලංකාව පිහිටා තිබීම හේතුවෙන්. මීට වසර දෙකකට පෙර හිමාල ප‍්‍රදේශයට බලපෑ රික්ටර් මාපකාංක 5 ක භූ කම්පනයක්ද කොළඹ ප‍්‍රදේශයට දැනී තිබුණා.

ගතවු සති කිහිපය තුළදී අවස්ථා 4 ක බුත්තල – වැල්ලවාය ප‍්‍රදේශය අශ‍්‍රිතවද භූ චලන වාර්තා වූ අතර , ඒවා රික්ටර් මාපකයේ සටහන්ව් තිබුණේ ඒකක 3 ට අඩු අගයකයි.

මේ අතර, ජපානයේ සහ පැපුවා නිව්ගිනියාවේ ප‍්‍රබල භූ කම්පන දෙකක් ඊයේ රාත‍්‍රියේ වාර්තා වී තිබුණා. එය පිළිවෙලින් රික්ටර් මාපකයේ සටහන් වූයේ 6.1 ක සහ 6.2 ක් ලෙසයි.

ජපානයේ උතුරින් පිහිටි දූපතක් වන හොකයිඩෝ හි නැගෙනහිර කොටසේ පොළව අභ්‍යන්තරයේ කිලෝමීටර 61ක ගැඹුරින් සටහන් වූ මෙම කම්පනය රික්ටර් මාපකයේ 6.1 ක් ලෙස සටහන්ව තිබූ බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

එමෙන්ම, පැපුවා නිව්ගිනියාවේ භූ කම්පනය, කන්ද්රියන් ප‍්‍රදේශයේ පොළව අභ්‍යන්තරයේ කිලෝමීටර 38.2 ක් ගැඹුරින් සිදුව තිබුණා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required