
බේකරි කර්මාන්තකරුවන්ට ආනයනික බිත්තර රුපියල් 30 ක් වැනි මිලකට ලබාදෙන්නේ නම් කේක් නිෂ්පාදනවල මිල ගණන් අඩු කිරීම සම්බන්ධයෙන් සලකා බැලිය හැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා. එහි සභාපති එන්.කේ. ජයවර්ධන කියා සිටියේ අනෙකුත් පාන් ඇතුළු අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල ගණන් පහත දැමීමේ හැකියාවක් නොමැති බවයි.
මේ වනවිට වෙළඳපොලේ කේක් කිලෝග‍්‍රෑමයක් රුපියල් 1200 ත්, 1500 ත් අතර මිලකටයි අලෙවි වන්නේ.
ආනයනය කෙරෙන බිත්තර රුපියල් 30 ක් වැනි මිලකට කර්මාන්තකරුවන්ට ලබාදිය හැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ඊයේ ප‍්‍රකාශ කළා. ඒ අවිස්සාවේල්ලේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
මේ අතර, දේශීය වෙළඳපොලේ බිත්තර මිල ඉහළ යාමට පිළියමක් ලෙස ඉන්දියාවෙන් ආනයනය කරන බිත්තර ලක්ෂ විස්සක් රැගත් නෞකාව ඊයේ රාත්‍රියේ දිවයිනට ළඟාවීමට නියමිතව තිබුණා.