
‘‘මැතිවරණය කල් දැමීමේ කුමන්ත‍්‍රණයට එරෙහිව’’ යනුවෙන් ජාතික ජනබලවේගය ආරම්භ කරන විරෝධතා පාගමන අද පස්වරුවේ විහාරමහාදේවි උද්‍යානය අසලින් ආරම්භ කෙරුණා. ප‍්‍රදේශ රැසකින් පැමිණි විරෝධතාකරුවන් විහාරමහාදේවි උද්‍යානය අසළට එක්රැස් වීමෙන් අනතුරුවයි විරෝධතාව ආරම්භ කෙරුණේ.
කෙසේ වෙතත් මෙම විරෝධතා පාගමනට අධිකරණ විසින් නියෝග කිහිපයක්ද නිකුත් කර තිබුණා. කොළඹ රෝහල් චතුරස‍්‍ර කළාපයට ඇතුළුවීම වළක්වාලමින් මාළිගාකන්ද මහේස්ත‍්‍රාත් අධිකරණයෙන් තහනම් නියෝගයක්ද, ජනාධිපති මන්දිරය සහ ජනාධිපති කාර්යාලය, මුදල් අමාත්‍යාංශය මෙන්ම ගාලූ මුවදොරට පෙළපාලිවලින් ඇතුළුවීම වළක්වාලමින් කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණයෙන්ද නියෝගයක් නිකුත් කර තිබුණා.
විරෝධතා පාගමනට ගමන් කිරීමට අවස්ථාව ලබා නොදීමත් සමඟ පොලීසිය සහ විරෝධතාකරුවන් අතර උණුසුම් තත්ත්වයක්ද හට ගත්තා. පොලීසිය මාර්ගය අවහිර කර තිබීම ඊට හේතු වුණා.
විරෝධතාව සහ මාර්ගය අවහිර කර තිබීම හේතුවෙන් ටවුන්හෝල් අවට මාර්ගය සම්පූර්ණයෙන් අවහිර වූ අතර, අනතුරුව පොලීසිය විරෝධතාකරුවන්ට ජල සහ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළා.
එහිදී තුවාල ලැබූ 10 දෙනෙකු පමණ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණා.