/
/
title icon
ඉසුරුපායට ඇතුළු වූ අන්තරේ වසන්ත ඇතුළු 62 දෙදෙනාට ඇප.
ඉසුරුපායට ඇතුළු වූ අන්තරේ වසන්ත ඇතුළු 62 දෙදෙනාට ඇප.
Editor
2 years ago
Share:
ඉසුරුපායට ඇතුළු වූ අන්තරේ වසන්ත ඇතුළු 62 දෙදෙනාට ඇප.

අධ්‍යාපන අමාත්‍යාංශයට ඇතුළු වී කළහකාරී ලෙස හැසිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් අන්තර් විශ්ව විද්‍යාලයයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු 62 දෙනා අද ඇප මත මුදාහැරුණා. ඒ, ඔවුන් කඩුවෙල මහේස්ත‍්‍රාත් ශානීකා විජේබණ්ඩාර හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. මෙලෙස ඇප නියමවූවන් අතර භික්ෂුන් වහන්සේ 48 ක්ද ඇතුළත්.

හෝමාගම පිටිපන පිහිටි බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය යළි විවෘත කරන ලෙස ඉල්ලා පසුගිය 23 වනදා මෙම පිරිස අධ්‍යාපන අමාත්‍යංශ පරිශ‍්‍රයට ඇතුළු වුණා.

කලහකාරිව හැසිරෙමින් පොදු දේපළවලට අලාභහානි සිදුකිරීම ඇතුළු චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන සිටි මොවුන් අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමටයි පියවර ගැනුණේ. අද ඔවුන් යළි අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ එක් අයෙකු රුපියල් ලක්ෂයක බැගින් ශරීර ඇපයක් මත මුදා හැරීමටයි කඩුවෙල මහේස්ත‍්‍රාත් ශානිකා විජේබණ්ඩාර නියෝග කළේ.

මේ අතර, පසුගිය 23 වනදා අධ්‍යාපන අමාත්‍යංශයට ඇතුළු වූ අවස්ථාවේදී තමන්ට අමානුෂික ලෙස පහරදුන් බවට පවසමින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය අද පෙරවරුවේ පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

මේ අතර, රුහුණු විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ සිසුන්ට විශ්වවිද්‍යාල භූමිය තහනම් කලාපයක් කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් එම පීඨයේ පීඨාධිපතිවරයා සඳහන් කළේ අද දහවල් 12 වනවිට එම පීඨයේ සියළුම සිසුන්ට නේවාසිකාගාරවලින් ඉවත්වන ලෙසට දැනුම් දුන් බවයි.

විශ්වවිද්‍යාලයේ පිරිමි නේවාසිකාගාරයේ සිසුන් පිරිසක් නේවාසිකාගාරයේ ශාලාධිපති සිර අඩස්සියට ගැනීමෙන් පසු ඇති වු තත්ත්වය මත මෙම තීරණය ගත් බවයි රුහුණු විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පීඨයේ පීඨාධිපති මහාචාර්ය සුභාෂ් ජයසිංහ සඳහන් කළේ.

මේ අතර හෝමාගම, පිටිපන පිහිටි බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය අද පළමු වසරේ සිසුන් සඳහා විවෘත කෙරුණද නේවාසිකාගාර වෙත පැමිණ සිටියේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ ඇතුළු 20 කට ආසන්න පිරිසක් පමණක් බව එහි උපකුලපති මහාචාර්ය, මහෝපාධ්‍ය පූජ්‍ය නෙළුවේ සුමනවංශ හිමි සඳහන් කළා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required