/
/
title icon
ෂාෆ්ටර්ගේ මරණය ගැන සොයන්න විශේෂඥ කමිටුව පත් කෙරේ.
ෂාෆ්ටර්ගේ මරණය ගැන සොයන්න විශේෂඥ කමිටුව පත් කෙරේ.
Editor
2 years ago
Share:
ෂාෆ්ටර්ගේ මරණය ගැන සොයන්න විශේෂඥ කමිටුව පත් කෙරේ.

කෝටිපති ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය සිය දිවි නසාගැනීමක්ද නැතහොත් ඝාතනයක්ද යන්න කරුණු අවබෝධ කරගැනීම සඳහා වෝහාරික වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේඥයින් සහ විශේෂ අධිකරණ වෛද්‍ය නිලධාරීන්ගෙන් සමන්විත 5 දෙනෙකුගෙන් යුත් කමිටුවක් අද පත් කෙරුණා. ඒ කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් රජින්ද්‍රා ජයසූරිය විසින්.

වෝහාරික වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය අසේල මෙන්ඩිස් ප‍්‍රමුඛ මහාචාර්යවරුන් තුන්දෙනෙකු සහ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී වී.ආර්. රුවන්පුර ප‍්‍රමුඛ අධිකරණ වෛද්‍ය විශේෂඥයින් දෙදෙනෙකුගෙන් මෙම කමිටුව සමන්විතයි.

අපරාධ අනුවිධාන සංග‍්‍රහ පනතේ 373 වගන්තියෙන් අධිකරණයට පැවරී ඇති බලතල ප‍්‍රකාරව පත් කළ එම කමිටුවට අධිකරණය හමුවේ ඇති මෙම මරණයට අදාළ සියළු වාර්තා නිසි ආකාරයෙන් භාරදෙන ලෙසටයි අතිරේක මහේස්ත‍්‍රාත්වරිය කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණයේ ප‍්‍රධාන රෙජිස්ට‍්‍රාර්වරයාට නියෝග කළේ.

දිනේෂ් ෂාෆ්ටර්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා මෙන්ම මරණකරු සම්බන්ධයෙන් විශේෂඥ මනෝ වෛද්‍ය නීල් ප‍්‍රනාන්දු විසින් අධිකරණයට ඉදිරිපත් කර ඇති වෝහාරික පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවද ඇතුළු සියළු ලේඛන මෙලෙස භාරදෙන ලෙස දැනුම් දුන්නා. ඒ අනුව මෙම නඩුව මාර්තු 14 වනදා යළි කැඳවනු ඇති.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required