/
/
title icon
ටෙස්ට් කිරුළ ගැන බලාපොරොත්තුවක් ශ්‍රී ලංකාවටත්.
ටෙස්ට් කිරුළ ගැන බලාපොරොත්තුවක් ශ්‍රී ලංකාවටත්.
Editor
2 years ago
Share:
ටෙස්ට් කිරුළ ගැන බලාපොරොත්තුවක් ශ්‍රී ලංකාවටත්.

ලෝක ශූරතා ටෙස්ට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමේ අභිලාෂයෙන් නවසීලන්තයට එරෙහි ටෙස්ට් තරගාවලිය ජයග‍්‍රහණය කිරීම කණ්ඩායමේ බලාපොරොත්තුව බව ශ‍්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ තරග දෙකකින් යුත් ටෙස්ට්, තරගාවලිය සදහා ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම අද අළුයම නවසීලන්තය බලා පිටත්ව යාමට පෙර මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

ක‍්‍රීඩකයින් 17 දෙනෙකු සහ නිලධාරීන් 12 දෙනෙකුගෙන් සමන්විත 29 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් නවසීලන්තය බලා පිටත්ව ගියේ සිංගප්පූරු ගුවන් සේවයට අයත් යානයකින්.

නවසීලන්ත සංචාරයේදී ටෙස්ට් තරග දෙකක්, එක්දින තරග තුනක් සහ පන්දුවාර විස්ස තරග 3 ක් සඳහා මොවුන් ක‍්‍රීඩා කරනු ඇති. දෙරට අතර පළමු ටෙස්ට් තරගය ලබන මස 9 වනදා ක‍්‍රයිස්චර්ච් හිදී ආරම්භ වනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required