
ඉදිරි වසර පහ තුළ ශ‍්‍රී ලංකාව ඇතුළු සංවර්ධනය වෙමින් පවතින රටවල ආරක්ෂක අංශ සාමාජිකයන් 5,000 කට වැඩි පිරිසකට යුද පුහුණුව ලබාදීමට සැළසුම් කර ඇති බව චීනය පවසනවා.
ඒ අනුව ශ‍්‍රී ලංකාවට අමතරව බෙලරුස්, ඉරානය, මොංගෝලියාව, ආමේනියාව, අසර්බයිජානය, කාම්බෝජියා, නේපාලය, තුර්කිය යන රටවල ආරක්ෂක අංශ සාමාජිකයන්ටද මෙම පුහුණුව ලබාදීමට සැළසුම් කර ඇති බවයි චීන මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.
රටවල් මුහුණදෙන ආරක්ෂක අභියෝගවලට මුහුණදීම සඳහා මෙම පුහුණුව ලබාදීමට නියමිත බවද එම වාර්තාවල සඳහන් වුණා.
ඊට අමතරව ද්විපාර්ශවිකව සහ බහුපාර්ශවිකව විශ්වවිද්‍යාල මට්ටමේ හමුදා සහ පොලිස් අභ්‍යාස විද්‍යාල අතර හුවමාරු සහ සහයෝගීතාව ප‍්‍රවර්ධනය කිරීමටද චීනය සැළසුම් කර තිබෙනවා.
චීනය මීට පෙර ඇෆ්ගනිස්ථානය සහ පාකිස්ථානය වැනි රටවල පොලිස් නිලධාරීන් සඳහාද ත‍්‍රස්ත විරෝධී කටයුතු සම්බන්ධයෙන් පුහුණුව ලබාදුන්නා.