
සහල් මිල වැඩිනොකර ගොවීන්ට වී කිලෝවක් සඳහා රුපියල් 140 ක මිලක් ලබාදීම සඳහා කර්මාන්තකරුවන් වෙත සහන කිහිපයක් ලබාදෙන ලෙස සහල් ව්‍යාපාරික මිත‍්‍රපාල ලංකේෂ්වර රජයෙන් ඉල්ලීමක් කරනවා.
සෑම රුපියල් සියයක් සඳහා සහල් කර්මාන්තකරුවන්ගෙන් අය කරන රුපියල් 2 යි ශත 50 ක විශේෂ බද්ද ඉවත්කිරීම සහ වී තොග රැස්කිරීම සඳහා අයකරන පොලිය අඩු කිරීම ඇතුළු යෝජනා තුනක් ඊට ඇතුළත් බවයි කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේ.
මේ අතර, ඇතැම් ප‍්‍රදේශවල පොල් ගෙඩියක මිල රුපියල් 130 දක්වා ඉහළ යෑමත් සමඟ දොදොල් ඇතුළු රසකැවිලි කර්මාන්තයේ නිරත කර්මාන්තකරුවන් ගැටළු රැසකට මුහුණ දී සිටිනවා.
ගාල්ල – ගෝනපුර සහ බලගොඩ යන ප‍්‍රදේශවල රසකැවිලි කර්මාන්තයේ නිරත කර්මාන්තකරුවන් පෙන්වා දෙන්නේ පොල්මිල අඩු කිරීම සඳහා රජය විසින් මැදිහත්වීමක් සිදුකළ යුතු බවයි.