/
/
title icon
බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු ඇරඹේ.
බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු ඇරඹේ.
Editor
2 years ago
Share:
බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු ඇරඹේ.

හෝමාගම – පිටිපන පිහිටි බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය පළමු වසරේ සිසුන් සඳහා අද අධ්‍යයන කටයුතු ආරම්භ කළ බව එහි උපකුලපති මහාචාර්ය මහෝපාධ්‍යාය පූජ්‍ය නෙළුවේ සුමනවංශ හිමියන් ප‍්‍රකාශ කළා.

සිව්වන වසරේ සිසුන්ගේ විභාග කටයුතු ලබන මස 3 වනදා ආරම්භ කෙරෙන අතර දෙවන වසරේ සිසුන්ගේ අධ්‍යනයන කටයුතු ජූනි මස 5 වනදා ආරම්භ කිරීමට නියමිතයි. තුන්වන වසරේ සිසුන්ගේ අධ්‍යයන කටයුතු මැයි මස 8 වනදා ආරම්භ කෙරෙනු ඇති.

නවක වද සිද්ධියක් මුල් කරගනිමින් ඇතිවූ ගැටළුකාරී තත්වයක් මත හෝමාගම – පිටිපන පිහිටි බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය පසුගිය වසරේ දෙසැම්බර් මස 19 වනදා සිට දින නියමයක් නොමැතිව වසා දැමුණා. එහිදී නවක වද සිද්ධියට චෝදනා ලැබූ සිසුන් 39 කුගේ ශිෂ්‍යභාවය අහෝසි කිරීමටද පාලනාධිකාරිය කටයුතු කළා.

විශ්විද්‍යාලයේ පාලනාධිකාරිය සිදුකළ අභ්‍යන්තර පරීක්ෂණයේදී නේවාසිකාගාරයක් අසළ පිහිටි කසළ දමන වළක තිබී මත්පැන් බෝතල් තොගයක්ද සොයා ගෙන තිබුණා.

කෙසේ වෙතත්, සිසුන් 39 දෙනෙකුගේ ශිෂ්‍යභාවය අහෝසි කිරීමට විරෝධය පළ කරමින් පිටිපන මංසන්ධියේදී භික්ෂූන් වහන්සේ ඇතුළු පිරිසක් සත්‍යග‍්‍රහ අට්ටාලයක් ඉදිකිරීමට තැත් කළ අතර, පොලිසිය එය ව්‍යර්ථ කිරීමත් සමඟ උණුසුම් තත්වයක් ඇතිවුණා. පසුව පොලිසිය ජල සහ කඳුළු ගෑස් ප‍්‍රහාරයක් එල්ල කර පිරිස විසුරුවා හරිනු ලැබුවා.

මේ අතර, පසුගිය 23 වනදා අධ්‍යාපන අමාත්‍යාංශයට ඇතුළු වූ අවස්ථාවේදී තමන්ට අමානුෂික ලෙස පහරදුන් බව පවසමින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය අද පෙරවරුවේ පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required