
ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 52 වන සැසිවාරය ජිනීවා හිදී ශ‍්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු හතරට ආරම්භ වුණා. එය මාර්තු 27 වනදා දක්වා පැවැත්වෙන්නේ අදියර කිහිපයක් යටතේයි.
පළමු අදියරයේදීම ශ‍්‍රී ලංකාව ගැන අවධානයට ලක් කිරීමට නියමිත අතර, මාර්තු අට සහ නවය දිනවල එය සළකා බැලෙනු ඇති බවයි ජගත් මානව හිමිකම් කොමිසමේ නිල වෙබ් අඩවියේ දැක්වෙන්නේ.
51 වන සැසිවාරයේදී ශ‍්‍රී ලංකාවට කරුණු 12 ක් සම්බන්ධයෙන් අවශ්‍ය සාධනීය ක‍්‍රියාමාර්ග ගැනීම සඳහා වසර 3 ක කාලසීමාවක් ලබාදීමට මානව හිමිකම් කොමිසම අනුමැතිය ලබාදුන්නා.
ඒ අනුව මෙවර සැසිවාරයේදී වසරක ප‍්‍රගතිය සමාලෝචනය කිරීම සිදුවනු ඇති බවයි මානව හිමිකම් කොමිෂන් සභාවේ හිටපු කොමසාරිස්වරයෙකු වන මහාචාර්ය ප‍්‍රතිභා මහානාම හේවා කියා සිටියේ.