
සමගි ජනබලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් මද්දුමබණ්ඩාර ඉදිරිපත් කළ මැතිවරණ පෙත්සම සළකා බැලීම මාර්තු මස 3 වනදා දක්වා කල් තැබුණා. ඒ, අදාළ පෙත්සම එස් තුරෙයිරාජා, යසන්ත කෝදාගොඩ සහ ප‍්‍රියන්ත ප‍්‍රනාන්දු යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද කැඳවූ අවස්ථාවේදියි.
පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසම වෙත මුදල් ප‍්‍රතිපාදන මුදා නොහැරීම තුළින් මුදල් අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු වගඋත්තරකරුවන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි තීන්දු කරන ලෙස ඉල්ලා රංජිත් මද්දුමබණ්ඩාර මන්ත‍්‍රීවරයා මෙම පෙත්සම ගොනුකර තිබුණා.
මාර්තු මස 9 වනදා මෙම පෙත්සම සළකා බැලීමට කැඳවන ලෙස පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ උපුල් ජයසූරිය කළ ඉල්ලීමකට අනුවයි අදාළ නියෝගය නිකුත් කෙරුණේ.