/
/
title icon
රවීට එරෙහි බැඳුම්කර නඩු දෙකක් පවත්වා‌ගෙන යන්න එපා – අභියාචනාධිකරණයෙන් රිට් ආඥාවක්.
රවීට එරෙහි බැඳුම්කර නඩු දෙකක් පවත්වා‌ගෙන යන්න එපා – අභියාචනාධිකරණයෙන් රිට් ආඥාවක්.
Editor
1 year ago
Share:
රවීට එරෙහි බැඳුම්කර නඩු දෙකක් පවත්වා‌ගෙන යන්න එපා – අභියාචනාධිකරණයෙන් රිට් ආඥාවක්.

බැඳුම්කර වෙන්දේසිවලට අදාළව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායකට එරෙහිව පොදු දේපළ පනත යටතේ කොළඹ ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ නීතිපතිවරයා විසින් ගොනු කළ නඩු දෙකක් පවත්වාගෙන යාමට නොහැකි බව තීරණය කරමින් අභියාචනාධිකරණය විසින් රිට් ආඥාවක් නිකුත් කර තිබෙනවා.

ඒ, රවී කරුණානායක ඉදිරිපත් කළ රිට් පෙත්සම් දෙකක් සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේදියි.

2016 වසරේ මාර්තු මස 29 වනදා සහ 31 වනදා ශ‍්‍රී ලංකා මහ බැංකුව සිදුකළ බැඳුම්කර වෙන්දේසි දෙකේදී රුපියල් බිලියන 50 කට අධික රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් කොළඹ ත‍්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ නඩු පවරා තිබුණා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required