
ජනවාරි මාසයේ සියයට 51.7 ක් ලෙස සටහන් වූ කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත උද්ධමනය පෙබරවාරි මාසයේදී සියයට 50.6 දක්වා පහත වැටී තිබෙනවා. ආහාර කාණ්ඩයේ උද්ධමනය පෙබරවාරි මාසයේදී සියයට 5.6 කින් අඩුවී ඇති බවයි ජනලේඛණ හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
එය ජනවාරි මාසයේ සියයට 60 ක් ලෙස සටහන් වූ අතර, පෙබරවාරි මාසයේ අගය සියයට 54.4 ක්. කෙසේ වෙතත් ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය ජනවාරි මාසයේදී සියයට 47.9 ක් ලෙස සටහන් වූ අතර, පෙබරවාරි මාසයේදී සියයට 48.8 දක්වා සුළු ඉහළ යාමක් පෙන්නුම් කරනවා.
මේ අතර, වෙළඳ භාණ්ඩ අපනයන ආදායම 2022 වසරේ ජනවාරි මාසයට සාපේක්ෂව මේ වසරේ ජනවාරි මාසයේදී සියයට 11.3 කින් පහත වැටී තිබෙනවා. එසේම ආනයන වියදමද මේ වසරේ ජනවාරි මාසයේදී සියයට 29.2 කින් පසුගිය වසරේ ජනවාරි මාසයට සාපේක්ෂව පහත වැටුණා. ජනවාරියේ ආනයන වියදම ඇමරිකානු ඩොලර් බිලියන 1.38 ක් ලෙස දැක්වුණු අතර, 2022 වසරේ ජනවාරියේ එය දැක්වුණේ ඩොලර් බිලියන 1.95 ක් ලෙසයි.