
ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් නිලවරණයේ නාමයෝජනා භාර ගැනීම අවසන්ව තිබෙනවා. ඒ අනුව සභාපති ධුරයට වත්මන් සභාපති ශම්මි සිල්වා, ජයන්ත ධර්මදාස සහ සමන්ත දොඩංවල නාමයෝජනා භාරදී තිබෙනවා.
ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළේ ලියාපදිංචි ක‍්‍රීඩා සමාජ 60 කට වැඩි සංඛ්‍යාවක් වත්මන් සභාපති ශම්මි සිල්වාගේ නම යෝජනා කර ඇති බවයි.
ලේකම් ධුරයට වත්මන් ලේකම් මොහාන් ද සිල්වා සමග නලීන් අපොන්සු සහ සමන්ත දොඩංවල නාමයෝජනා භාර දී තිබෙනවා.
උපසභාපති ධුර 2 ක් සඳහා ජයන්ත ධර්මදාස, රවීන් වික‍්‍රමරත්න සහ ප්‍රේමසිරි කුමාරද නිලවරණයට තරග කිරීමට නාමයෝජනා භාර දී තිබෙනවා.
සෙසු තනතුරු සඳහාද වත්මන් විධායක කමිටුවේ සාමාජිකයන්ම යළි නාමයෝජනා ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.