
පොලිස් විශේෂ කාර්ය බලකාය පිහිටුවා අදට දශක 4ක් සපිරෙනවා. පොලිසියෙන් තෝරාගන්නා දක්ෂතම නිලධාරින් 60 දෙනෙකු විශේෂ පුහුණුවක් ලබාදීමත් සමඟ දිවංගත රවී ජයවර්ධනගේ සංකල්පයකට අනුව පොලිස් විශේෂ කාර්ය බලකාය ආරම්භ වන්නේ 1983 අද වැනි දිනකයි.
කටුකුරුන්ද පුහුණු පාසලට අනුයුක්ත කර බ්‍රිතාන්‍යය විශේෂ උපදේශකයන්ගේ පුහුණුව ලබාදී බඳවාගත් එම කණ්ඩායමෙන් 30 දෙනෙකු වැල්ලවත්ත ප‍්‍රදේශයේත්, තවත් 30 දෙනෙකු යාපනය ප‍්‍රදේශයේත් රාජකාරියට අනුයුක්ත කළා.
එවක පොලිස් අධිකාරී බෝධි ලියනගේ විශේෂ කාර්ය බලකායේ මුල්ම අණදෙන නිලධාරියා වුණා. යුද කාලසීමාවේ රටේ සහ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ කාර්ය බලකාය ඉටුකළ මෙහෙවර වදනින් කැටි කළ නොහැකියි. නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර වර්තමානයේ පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරියා ලෙස කටයුතු කරනවා.
දිවයින පුරා පිහිටුවා ඇති කඳවුරු 74 ක් මගින් පොලිස් විශේෂ කාර්ය බලකාය අදටත් රටේ ආරක්ෂාව, මත්ද්‍රව්‍ය මැඩලීම්, ස්වභාවික සම්පත් සුරැකීම්, දේපළ ආරක්ෂා කිරීම් ඇතුලූ නීතිය හා සාමය සුරක්ෂිත කිරීම වෙනුවෙන් මහා මෙහෙවරක් සිදුකරන්නේ නියත ජයක් යන ඔවුන්ගේ ආදර්ශ පාඨය සැබෑවක් බවට පත් කරමින්.