/
/
title icon
ලෝක බැංකු සහය අඛණ්ඩව ශ්‍රී ලංකාවට.
ලෝක බැංකු සහය අඛණ්ඩව ශ්‍රී ලංකාවට.
Editor
1 year ago
Share:
ලෝක බැංකු සහය අඛණ්ඩව ශ්‍රී ලංකාවට.

ශ‍්‍රී ලංකාවේ සංවර්ධන ප‍්‍රතිසංස්කරණ වැඩසටහන් වෙනුවෙන් අඛණ්ඩ සහය ලබාදෙන බව ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපයේ උප සභාපති මාටින් රයිසර් ප‍්‍රකාශ කරනවා. ඔහු මේ බව කියා සිටියේ ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ සමඟ පැවති සාකච්ඡුාවකදියි. සංවර්ධන ප‍්‍රතිපත්ති මෙහෙයුම් සඳහා ලෝක බැංකු සහය ලබාදෙන බවත්, ඊයේ ජනාධිපතිවරයා හමුවූ ලෝක බැංකුවේ නියෝජිත පිරිස වැඩිදුරටත් ප‍්‍රකාශ කර තිබුණා.

ශ‍්‍රී ලංකාව මුහුණදෙන ආර්ථික අර්බුදයේ ගැඹුර ශ‍්‍රී ලංකාවට නව සංවර්ධන මොඩලයක අවශ්‍යතාව පැහැදිළිව පෙන්නුම් කරන බව ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපයේ උප සභාපතිවරයා පවසනවා. ඔහුගේ සිව්දින ශ‍්‍රී ලංකා නිල සංචාරය අවසන් කරමින් නිකුත් කළ නිවේදනයේ මේ බව දැක්වෙන අතර, ඒ සඳහා රජයේ ප‍්‍රතිසංස්කරණ ක‍්‍රියාවලිය පිළිබඳ මනා අවබෝධයක් සහ වැඩි විශ්වාසයක් පැවතිය යුතු බවද ඔහු ප‍්‍රකාශ කළා.

මේ අතර චීන විදේශ අමාත්‍යාංශ ප‍්‍රකාශකයෙකු සඳහන් කර තිබුණේ චීනය ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් සිය ප‍්‍රතිපත්ති සහ ණය සම්බන්ධයෙන් වන ස්ථාවරයන් අනුව කටයුතු කර ඇති බවයි. ශ‍්‍රී ලංකාවට ණය තිරසරභාවය ළඟා කරගැනීම සඳහා සහය වීමේ අවංක උත්සහයකින් චීනය කටයුතු කරන බවද අදාළ ප‍්‍රකාශකයා බ්ලූම්බර්ග් වෙබ් අඩවියට ප‍්‍රකාශ කර තිබුණා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required