
කොරෝනා වසංගත ව්‍යාප්තියෙන් පසු චීන සංචාරකයන්ගේ පැමිණීම යළි ආරම්භ කරමින් චීන සංචාරකයින් පිරිසක් රැසක් පළමු ගුවන් යානය ඊයේ රාත්‍රියේ දිවයිනට පැමිණියා. සංචාරකයින් 117 දෙනෙකු දින 07 ක සංචාරයක් සඳහායි මෙරටට පැමිණ ඇත්තේ.
චීනයේ ග්වැන්ෂූ සිට ශ්‍රී ලංන්කන් ගුවන් සේවයේ යූ.එල්. 1881 දරන ගුවන් යානයෙන් ඔවුන් කටුනායක ගුවන් තොටුපළට වෙත පැමිණි තිබුණා.
මෙම පිරිස පිළිගැනීම සඳහා සංචාරක අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු, විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය, ශ්‍රී චීන තානාපති චී චන්ග් හොං ඇතුළු පිරිසක් එක්ව සිටියා.
අප්‍රේල් මස 01 වනදා සිට චීනය සහ ශ්‍රී ලංකාව අතර සතියකට ගුවන් ගමන් වාර 09 ක් බැගින් ශ්‍රී ලංන්කන් ගුවන් සේවය සහ චයිනා ඊස්ටන් ගුවන් සේවය විසින් ක්‍රියාත්මක කිිරීමට නියමිත අතර එම ගුවන් යාන මගින් චීන සංචාරකයන් 5000 ක් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට අපේක්ෂිතයි.
මේ අතර, පසුගිය පෙබරවාරි මාසයේ සංචාරකයින් එක්ලක්ෂ 7,600 ක් දිවයිනට පැමිණ තිබෙනවා. ශී‍්‍ර ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ පසුගිය වසරේ පෙබරවාරි මාසයට සාපේක්ෂව සියයට 11.5ක වර්ධනයක් බවයි.
මේ වසරේ මුල් මාස දෙක තුළ දිවයිනට පැමිණ ඇති සංචාරකයන්ගේ සංඛ්‍යාව දෙලක්ෂ 10,184 ක් බවයි එම අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේ.