
පෞද්ගලික බැංකුවල ගිණුම් ආරම්භ කිරීම සඳහා අවසර දීමට අමාත්‍යංශ, දෙපාර්තමේන්තු ඇතුළු රාජ්‍ය ව්‍යවස්ථාපිත මණ්ඩලවලට අවසර දීමට ඊයේ පැවති විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමකදී තීරණය කෙරුණු බව ප‍්‍රවාහන මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, කැබිනට් ප‍්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා.
ජනාධිපති රනිල් වික‍්‍රමසිංහගේ ප‍්‍රධානත්වයෙන් පැවති මෙම විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මුදල් අමාත්‍යාංශයේ අනුමැතියට යටත්ව ඉහත ගිණුම් පෞද්ගලික බැංකුවල ආරම්භ කිරීමට ඉඩදිය යුතු බවටත් තීරණය කෙරුණු බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
වර්ජනය නිසා රාජ්‍ය බැංකු හරහා ගනුදෙනු කිරීමට නොහැකි වුවහොත් ණයවර ලිපි නිකුත් කිරීම ඇතුළු මූල්‍ය කටයුතු සියල්ලක්ම අඩාල වීමට ඇති අවදානම සම්බන්ධයෙන් ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබෙනවා.
වර්ජනය හේතුවෙන් රාජ්‍ය බැංකුවල කටයුතු අඩාල වී බෙහෙත් සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ගෙන්වා ගැනීමට ණයවර ලිපි විවෘත කිරීම කළ නොහැකි වන හෙයින් මුදල් අමාත්‍යාංශයේ අනුමැතියට යටත්ව පෞද්ගලික බැංකුවල ගිණුම් ආරම්භ කිරීමටයි අනුමැතිය හිමිව ඇත්තේ.