
පළමු වතාවට ගාලූ මුවදොර වෙරළ තීරයේ කැස්බෑවන් බිත්තර දමා තිබෙනවා. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කොළඹ දිස්ත‍්‍රික්කයේ වන සත්ව අඩවි ආරක්ෂක සමන් ලියනගම සඳහන් කළේ බටු කැස්බෑ බිත්තර 2,000 ක් පමණ මෙහි තිබී සොයාගත් බවයි.
කොළඹ වරාය නගරයේ නිර්මාණය වී ඇති වෙරළ තීරය, කැස්බෑවුන්ට බිත්තර දැමීම සඳහා සුදුසු පරිසරයක් බව වනජීවී දෙපාර්තමේන්තුවේ බස්නාහිර කලාපය භාර සහකාර අධ්‍යක්ෂ ධම්මික පෑබොටුව කියා සිටියා.
ලෝක වනජීවී දිනයද අදට යෙදී ඇති අතර, කැස්බෑවුන් සංරක්ෂණය කිරීමේ වැදගත්කම පිළිබඳව ගාලූ මුවදොරදී වැඩසටහනක්ද සංවිධාන කර තිබෙනවා.