
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා සහ ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. ඒ, සූම් තාක්ෂණය ඔස්සේයි.
මෙහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබෙන ණය පහසුකම සහ මෙරට ණය ප‍්‍රතිව්‍යුහ ගත කිරීම සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා සිදු කර තිබෙනවා.
එහිදී ධනාත්මක හා සුභවාදී පසුබිමක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබෙන ණය අරමුදල සම්බන්ධයෙන් නිර්මාණය වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.