
ගෙවුනු සතිය අවසන් වන විට එළවළු මිල ගණන් වල තවදුරටත් පහළ යාමක් දක්නට ලැබුණ බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය ප‍්‍රකාශ කරනවා. ඉහළ මට්ටමක පැවති බෝංචි මිල ගණන් සති අන්තයේ රුපියල් 250කට අඩු අගයක් වාර්තා කළා.
ආර්ථික මධ්‍යස්ථාන රැසක කැරට් තොග මිල ගණන් ද රුපියල් 120ට අඩු අගයක් ගැනීම විශේෂත්වයක්.
ආනයනික අර්තාපල් රුපියල් 120කට පමණ අලෙවි වූ අතර වැලිමඩ දේශීය අර්තාපල් රුපියල් 200ත් 210ත් අතර මිලක සටහන් වුණා. ආනයනික ලොකු ළුෑණු රුපියල් 95ත් 100ත් අතර මිලක පැවතුණා.
පළතුරු මිල සැළකිමේ දී ඇඹුල් කෙසෙල් කිලෝග‍්‍රෑමයක් රුපියල් 140ත් 200ත් අතර අගයක පැවති බවයි මැනිං වෙළඳපළ වාර්තා ප‍්‍රකාශ කළේ.
කෙසේ වෙතත් කෝලිකුට්ටු කිලෝග‍්‍රෑමයක් රුපියල් 400කට ආසන්න වී තිබුණා. පැපොල් රුපියල් 220ත් 320ත් අතර මිලක පැවතියා.