
ගර්භනී මව්වරුන්ට ලබාදෙන කැල්සියම් සහ යකඩ පෙතිවල හිඟයක් නොමැති බව රජයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ සංගමය පවසනවා. එහි සභාපතිනී දේවිකා කොඩිතුවක්කු සඳහන් කළේ, මේ වනවිට ගර්භනී මව්වරුන්ට අවශ්‍ය ඖෂධ මාස 2ට පමණ ප‍්‍රමාණවත්ව පවතින බවයි.
මේ අතර, ඖෂධ හිඟය සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිෂන් සභාව වෙත ලැබී ඇති පැමිණිලිවලට අදාළව වගඋත්තරකාර පාර්ශ්වය වන සෞඛ්‍ය ලේකම්වරයා හා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා එම කොමිෂන් සභාව වෙත කැඳවා තිබුණද කිසිදු නිලධාරියෙකු ඊට සහභාගී වී තිබුණේ නැහැ.
වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සහ ශ‍්‍රී ලංකා වෛද්‍ය සංගමය විසිනුයි අදාළ පැමිණිලි මානව හිමිකම් කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කර තිබුණේ.
එම පැමිණිලි පිළිබඳ විමර්ශනයට සියළු පාර්ශ්ව කැදවා තිබූ අතර පැමිණිලිකාර පාර්ශ්වයන් පමණක් ඊට සහභාවී තිබුණා.