
මේ දිනවල ළමයින් අතර වෛරස් රෝගී තත්ත්වයක් වැඩි වශයෙන් දක්නට ලැබෙන බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය පවසනවා. උගුරේ වේදනාව, උණ සහ කැස්ස වැනි රෝග ලක්ෂණ ඒ සමඟ දැකගත හැකි බවයි ඔහු කියා සිටියේ.
95% ක් පමණ දරුවන්ට ප්‍රතිකාර ලබාගැනීමකින් තොරව එම තත්ත්වය සුව වන බව පැවසූ වෛද්‍යවරයා දින කිහිපයක් එම තත්ත්වයන් පවතින්නේ නම් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා දරුවන් රැගෙන එන ලෙස දැනුම්දීමක්ද සිදුකළා.
මුඛ ආවරණ පැළඳීම, දෑත් පිරිසිදුව තබා ගැනීම වැනි සෞඛ්‍ය පුරුදු තුළින් මෙම තත්ත්වයන් අවම කරගත හැකි බවයි රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය වැඩිදුරටත් කියා සිටියේ.
මේ වසරේ ගතවූ මාස දෙක ඇතුළත ඩෙංගු රෝගීන් 12,496 ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. කෙසේ වෙතත්, පසුගිය වසරේ මුල් මාස දෙක තුළ වාර්තා වී තිබුණේ ඩෙංගු රෝගීන් 9,435 ක් පමණයි. එය සැලකිය යුතු වැඩිවීමක් බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ දත්ත පෙන්වා දෙන්නේ.
අවට පරිසරය පිළිබඳව සැලකිලිමත් වෙමින් ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීමෙන් ඩෙංගු ව්‍යාප්තිය අවම කරගත හැකි බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ.