
රුපියල ශක්තිමත් වීමත් සමඟ රන් පවුමක මිල රුපියල් 17,000 ත්, 15,000 ත් අතර මිලකින් පහත වැටී තිබෙනවා.
හෙට්ටිවීථියේ රන් අලෙවිකරුවන් පවසන්නේ මේ වනවිට කැරට් 22 රත‍්‍රං පවුමක් රුපියල් එක්ලක්ෂ 57,500 කට අලෙවි වන බවයි. මීට දින 04 කට පමණ පෙර එම මිල ගණන් පැවතියේ රුපියල් එක්ලක්ෂ 72,000 ක වැනි අගයකයි.
එසේම, කැරට් 24 රත‍්‍රං පවුමක් මේ වනවිට රුපියල් එක්ලක්ෂ 70,500 කට අලෙවි වනවා. දින 04 කට පමණ පෙර එම මිල ගණන් පැවතියේ එක්ලක්ෂ 85,000 කට වැඩි අගයකයි.