
ගෑස් මිලෙහි කිසිදු සංශෝධනයක් සිදුනොවන බව ලිට්‍රෝ සමාගම අද නිවේදනය කළා. මාර්තු මාසයේ ලෝක වෙළඳපළේ පවතින තත්ත්වයන් සසඳා බැලීමේදී මිල සූත‍්‍රයට අනුව ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල මෙම මාසය තුළ ඉහළ දැමීමටයි නියමිතව තිබුණේ.
කෙසේ වෙතත්, ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත්වීම හේතුවෙන් එම තත්ත්වය සළකා බලා ගෑස් මිල වැඩි නොකිරීමට තීරණය කළ බවයි ලිට්‍රෝ සමාගම සඳහන් කළේ.
ඒ අනුව දැනට පවතින ලිට්‍රෝ ගෑස් මිල ගණන් එලෙසම ක‍්‍රියාත්මක වනු ඇති.
කිලෝග‍්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 4,743 ක් වන අතර කිලෝග‍්‍රෑම් 05 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1904 ක්. කිලෝග‍්‍රෑම් 2.3 ලිට්රෝ ගෑස් සිලින්ඩරයක් අලෙවි වන්නේ මිල රුපියල් 883 කටයි.
මේ අතර, ලාෆ් ගෑස් මිලෙහිද කිසිදු සශෝධනයක් නොවන බවයි අප කළ විමසීමකදී එම සමාගම සඳහන් කළේ.