
උතුරු මාර්ගයේ දුම්රිය ධාවනය යළි යථා තත්වයට පත් කර තිබෙනවා. එම මාර්ගයේ දුම්රිය ධාවනයට මෙලෙස බාධා එල්ලවුණේ අනුරාධපුරයේ සිට කොළඹ – කොටුව බලා ධාවනය වෙමින් තිබූ යාල්දේවි දුම්රිය මහව දුම්රිය ස්ථානය ආසන්නයේදී පීලි පැනීමට ලක්වීමෙන්.
ඒ හේතුවෙන් මහව දුම්රිය ස්ථානය ආසන්නයෙන් නිකවැරටිය සහ මොරගොල්ලාගම අතර දිවෙන මාර්ගයේ ගමනාගමන කටයුතුවලටද බාධා මතුවුණා. පසුව දුම්රියේ පීලි පැනීමට ලක් නොවූ ඉදිරිපස මැදිරි කොටසට සියලූ මගීන් ඇතුළත් කර එය කොළඹ කොටුව බලා ධාවනය කරවීමටයි කටයුතු කෙරුණේ.
මෙම පීලි පැනීම නිසා පැය දෙකකට වැඩි කාලයක් දුම්රිය ප‍්‍රමාද වූ බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළා.