
ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන මහලේකම්වරයා ලෙස, එහි නියෝජ්‍ය මහ ලේකම් මධ්‍යම පළාත් හිටපු ප‍්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක පත්කර තිබෙනවා. ඊට අදාළ පත්වීමේ ලිපිය පක්ෂ මූලස්ථානයේදී ඊයේ ඔහු වෙත පිරිනමනු ලැබුවේ පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන විසින්.
මේ අතර, ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති ධුරයෙන් තමන් ඉවත්කළ බවට මෙතෙක් ලිඛිත දැනුම්දීමක් සිදුකර නොමැති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් පවසනවා. කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ එවැනි දැනුම්දීමක් ලැබුණහොත් ගන්නා ක‍්‍රියාමාර්ග පසුව දැනුම් දෙන බවයි.