
ලබන ජූලි මාසය වනවිට හෝ ඊට පෙර ජනතාවට බස් ගාස්තු සහනයක් ලබාදිය හැකි බව ලංකා පෞද්ගලික් බස් රථ හිමියන්ගේ සංගමය පවසනවා.
එහි සභාපති ගැමුණු විජේරත්න කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ මේ දිනවල පැවැත්වෙන ඡන්ද රැළි හේතුවෙන් බස් කර්මාන්තයට වාසිදායක තත්ත්වයක් දක්නට ලැබෙන බවයි.
මේ අතර, බස්නාහිර පළාතේ ධාවනය වන මගී ප‍්‍රවාහන බස් රථ සියයට 50කින් වායු දූෂණ වන බවට අනාවරණ වී තිබෙනවා.
මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවේ වායු විමෝචන අරමුදල විසින් කොළඹ කොටුව බැස්ටියන් මාවතේ සහ ගුණසිංහපුර බස් නැවතුම්පොළ ආශ්‍රිතව සිදුකළ සමීක්ෂණයකදියී මේ පිළිබඳව අනාවරණය වී ඇත්තේ.