
පළාත් පාලන ඡන්ද විමසීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් සඳහා මුදල් අමාත්‍යංශ ලේකම්වරයා, රජයේ මුද්‍රණලයාධිපති සහ පොලිස්පතිවරයා අද මැතිවරණ කොමිසම වෙත කැඳවා තිබෙනවා.
පෙරවරු 10.30 ට ආරම්භ වන මෙම සාකච්ඡාවේදී ඡන්ද විමසීම සඳහා එකවර මුදල් ලබාදීමට අපහසු නම් කොටස් වශයෙන් හෝ ලබාදෙන ලෙසට මුදල් අමාත්‍යාංශයට දැනුම්දීමට සූදානමක් පවතින බවයි මැතිවරණ කොමිසමේ ආරංචි මාර්ග සඳහන් කළේ.
මෙම සාකච්ඡාවෙන් අනතුරුව මැතිවරණ කොමිසමේ සාමාජිකයින් අතරද තවත් සාකච්ඡාවක් පැවැත්වෙනවා. මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා සමඟ පැමිණෙන එකඟතාවයන්ට අනුව ඡන්ද විමසීම පවත්වන දිනය සම්බන්ධයෙන් එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවද වාර්තා වනවා.
එමෙන්ම, පළාත් පාලන ඡන්ද විමසීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් පිරිසක්ද අද මැතිවරණ කොමිෂන් සභාව හමුවීමට නියමිතයි.