
ශ‍්‍රී ලංකා රුපියල හමුවේ එක්සත් ජනපද ඩොලරයේ අගය සීඝ‍්‍රයෙන් පහළ යාම පාලනය කිරීම සඳහා මහබැංකුව මැදිහත් වී පසුගිය දින කිහිපය තුලදී ඩොලර් මිලියන 500 ක් පමණ දේශීය විදේශීය වෙළඳපොලෙන් මිලදී ගත් බව මහබැංකු වාර්තා පෙන්වා දෙනවා.
එමෙන්ම, විදෙස් ශ‍්‍රමිකයින් වෙනුවෙන් තීරු බදු සහනයක් සහිතව විදුලි වාහන ආනයනය කිරීමේ වැඩසටහන පෙරේදා සිට ආරම්භ කර තිබෙනවා.
ශ‍්‍රී ලංකාව වෙත ගෙන්වන ලද වාහන රේගුව විසින් නිදහස් කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර, ගත වූ මාස 13 ක කාලසීමාව තුළ ඉන්ධන අලෙවිය අඩුවී ඇති බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. ඒ අනුව ඔටෝ ඩීසල් අලෙවිය සියයට 50 කින් සහ පෙට‍්‍රල් අලෙවිය සියයට 30 කින් අඩුවී ඇති බවයි එම සංස්ථාව නිවේදනය කළේ. ඊට අමතරව භූමිතෙල් අලෙවිය ද සියයට 70 කින් අඩුවී තිබෙනවා.
මේ අතර, රුපියල ඊයේ අවප‍්‍රමාණය වීමත් සමග රත‍්‍රං මිල ගණන් ද ඊයේ දහවල් සිට යළි වැඩිවීමක් පෙන්නුම් කළා. සමස්ත ලංකා ස්වර්ණාභරණ සංගමයේ භාණ්ඩාගාරිය ආර්. සුබ‍්‍රමනියම් සදහන් කළේ මේ වනවිට කැරට් 24 පවුමක මිල රුපියල් 163,000 ක් වන බවයි.