
පළාත් පාලන ඡන්ද විමසීම ලබන මස 25 වනදා පැවැත්වීමට අදාළ විශේෂ ගැසට් නිවේදන නිකුත් කළ බව මැතිවරණ කොමිසම ප‍්‍රකාශ කළා.
මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ‍්‍රී රත්නායක සඳහන් කළේ මැතිවරණ කොමිෂන් සභාවේ උපදෙස් පරිදි අදාළ දිස්ත‍්‍රික්කයේ තේරීම් භාර නිලධාරින් විසින් මෙම ගැසට් පත‍්‍ර නිකුත් කර ඇති බවයි.
මේ වනවිට ඒවා මුද්‍රණය කිරීම සඳහා රජයේ මුද්‍රණාලය වෙත යොමුකර තිබෙනවා.
මේ අතර, මෙවර පළාත් පාලන ඡන්දයට නාමයෝජනා භාරදී අපේක්ෂකයන් ලෙස පෙනී සිටින රජයේ සේවකයන්ට මූලික වැටුප පමණක් ගෙවීම සුදුසු බවට මැතිවරණ කොමිසම නිර්දේශ කළා.
මැයි 09 වනදා සිට ඡන්ද විමසීම ප‍්‍රමාද වන කාලය තුළ මෙලෙස රජයේ සේවකයන්ට මුලික වැටුප් ගෙවන ලෙසයි එහිදී නිර්දේශ කර ඇත්තේ.
මෙම නිර්දේශයට සම්බන්ධ අමාත්‍ය මණ්ඩල තීරණයක් ලබාගැනීමට කටයුතු කරන ලෙස රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත්පාලන අමාත්‍යංශ ලේකම් වෙත දැනුම් දී ඇති බවයි මැතිවරණ කොමිසම නිකුත් කළ නිවේදනයක දැක්වුණේ.
මෙවර පළාත් පාලන ඡන්ද විමසීම සදහා රජයේ නිලධාරීන් 3,000 ක් පමණ නාමයෝජනා භාරදී ඇති අතර, ඔවුන්ට ඒ සඳහා රජයේ ආයතනවලින් වැටුප් රහිත නිවාඩු අනුමත කරගෙන තිබෙනවා. ඡන්ද විමසීම කල් යාම හේතුවෙන් වත්මන් ආර්ථික තත්වය හමුවේ මොවුන් දැඩි දුෂ්කරතාවට පත්වූ බවයි මැතිවරණ කොමිසම පෙන්වා දෙන්නේ.