
කොටහේන – පරමානන්ද මාවතේ ඊයේ පස්වරු 6.30 ට පමණ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලැබුවා. ඔහු ප‍්‍රතිකාර සඳහා ඇතුළත් කළේ කොළඹ ජාතික රෝහලටයි. රෝහල් ප‍්‍රකාශකයෙකු කියා සිටියේ වෙඩි වැදුණු 40 හැවිරිදි එම ප‍්‍රදේශයේම පදිංචි පුද්ගලයා දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබන බවයි.
සිද්ධියට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර, මෙම පුද්ගලයා ඔහුට අයත් ත්‍රීරෝද රථ අළුත්වැඩියා කරන ස්ථානයක සිටියදීයි වෙඩි ප‍්‍රහාරයට ලක්ව ඇත්තේ.
යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් තිබුණා. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහල් තල්දූව සඳහන් කළේ සැකකරුවන් හඳුනා ගැනීම සඳහා පරීක්ෂණ ක‍්‍රියාත්මක බවයි.