
පළාත් පාලන ආයතනවල කටයුතු කොමසාරිස්වරුන් හා ලේකම්වරුන් යටතට පත්වීමෙන් පසු ඒවායේ කටයුතු විධිමත් අයුරින් පවත්වාගෙන යාම සඳහා මෙම සතියේ දී චක‍්‍රලේකයක් නිකුත් කිරීමට අපේක්ෂා කරන බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර පවසනවා.
පළාත් පාලන ආයතන වල අනාගතය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ අණ්ඩුකාරවරුන් සමගද සාකච්ඡා කිරීමෙන් අනතුරුව එය නිකුත් කරන බවයි.