
ශ‍්‍රී ලංකා ටෙලිකොම් සහ ලංකා හොස්පිටල්ස් සමාගම්වල රජය සතු කොටස් හිමිකාරීත්වය විකුණා දැමීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන විසින් අදාළ ආයතන වල අධ්‍යක්ෂ මණ්ඩලවලට මේ තීරණය දැනුම් දී ඇති බව සඳහන්.
ශ‍්‍රී ලංකා ටෙලිකොම් හි ප‍්‍රකාශිත කොටස් ප‍්‍රාග්ධනයෙන් සියයට 49.50 ක කොටස් අයිතිය මහා භාණ්ඩාගාරය සතුව පවතින අතර ලංකා හොස්පිටල්ස් හි කොටස් ප‍්‍රාග්ධනයෙන් සියයට 51ක කොටස් හිමිකාරීත්වය ශ‍්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සතුව පවතිනවා.
ඉතිරි සියයට දෙකක කොටස් මහජන බැංකුව සතුව පවතින අතර ජනාධිපතිවරයා මෙවර අයවැය කතාව ඉදිරිපත් කරමින් ප‍්‍රකාශ කළේ, රජය සතු පාඩු ලබන සමාගම් ප‍්‍රතිව්‍යුහගත් කීරීමට පියවර ගන්නා බවයි.