
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම අප්‍රේල් මස 25 වනදා පවත්වන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව අද රැස්වී විශේෂ තීන්දුවක් ගැනීමට නියමිතයි.
ඡන්ද විමසීම සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලූ පිලිබඳව සාකච්ඡා කිරීමටත් ඒ සම්බන්ධයෙන් අදහස් විමසීමටත් මැතිවරණ කෙමිසම අද පෙරවරු 10ට සියලූ දේශපාලන පක්ෂ ලේකම්වරුන් සහ නියෝජිතයන් කැඳවා තිබෙනවා.
අයවැයෙන් පලාත් පාලන ඡන්දයට වෙන්කළ මුදල් ලබාදිය යුතු බවට අධිකරණය ලබාදුන් නියෝගයට පටහැනිව මහා භාණ්ඩාගාරය කටයුතු කිරිම, ඡන්ද පත‍්‍රිකා මුද්‍රණය කරදීම රජයේ මුද්‍රණාලය ප‍්‍රතික්ෂේප කිරිම ආදි ගැටළු සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ ලේකම්වරුන්ගෙන් සහ නියෝජිතයන්ගෙන් අදහස් ලබා ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.
එම අදහස් ලබා ගැනීමෙන් අනතුරුව මැතිවරණ කොමිසම රැස්වී පලාත් පාලන ඡන්දය පවත්වන්නේද තවදුරටත් කල් තබන්නේ ද, එසේ කල් තබන්නේ නම් කුමන කාලයකට ද යන්න පිළිබඳව එහිදී සුවිශේෂි තීන්දු කිහිපයක් ගැනීම නියමිත බවද මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කළා.
පළාත් පාලන ඡන්ද විමසිම පැවැත්වීමට අලූත් දිනයක් ප‍්‍රකාශයට පත් කරන්නේද එසේත් නැත්නම් ඡන්ද විමසීම පැවැත්වෙන දිනය ප‍්‍රකාශ කිරීම සඳහා තවත් කාලයක් ලබා ගන්නේ ද යන්න පිළිබඳ මැතිවරණ කොමිසමේ අවදානය යොමුව තිබනෙවා.
තැපැල් ඡන්ද පත‍්‍රිකා ලබාදීම රජයේ මුද්‍රණාලයාධිපතිනිය ප‍්‍රතික්ෂේප කිරීම නිසා නියමිත දිනවලට එනම් මේ මස 28,29,30 සහ 31 යන දිනවල පලාත් පාලන ඡන්දයට අදාළ තැපැල් ඡුන්ද විමසීම පැවැත්වීමට ඇති හැකියාව සම්බන්ධයෙන් ද අද තීරණයක් ගැනීමට නියමිතයි.