
ඉදිරියේදී ලෝක බැංකුව ඇතුළු වෙනත් ණය ආධාර ලබා දෙන පාර්ශවයන්ගෙන් තවත් ඩොලර් බිලියන 7 ක පමණ ණය අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශ කළා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කර ගත් එකඟතාවන්ට අදාළ ලේඛන සභාගත කරමින් ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළේ මේ වනවිට රටේ ආර්ථිකය නිවැරදි මඟකට ගෙන ඒමට හැකි වී ඇති බවයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම ලබා ගන්නා තෙක් දැඩි ඉවසීමෙන් කටයුතු කළ ජනතාවට ජනාධිපතිවරයා මෙහිදී ස්තූතිය පළ කළා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය මෙරටට ලැබීමෙන් පසු සිදුකරනු ලබන සංශෝධන පිළිබඳව ද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළා.
සහය ලබාදෙන ලෙස විපක්ෂයෙන් අවස්ථා කිහිපයකදී ඉල්ලා සිටි නමුත්, එවැනි සහයක් හිමිනොවූ බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ.