
කේරළ ගංජා සමඟ පලෙයි පොලිසියේ ක‍්‍රයිම් ඕ.අයි.සී.
සහ කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට.
කේරළ ගංජා සමඟ කිලිනොච්චිය – පලෙයි පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා සහ පොලිස් කොස්තාපල්වරයෙකුු සුරාබදු දෙපාර්තමේන්තුවේ විශේෂ මෙහෙයුම් ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පෙරේදා රාත‍්‍රියේ සිදුකළ විශේෂ වැටලීමකදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති අතර, පසුව ඔවුන් ඊයේ මහර මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 28 වනදා දක්වා රක්ෂිත බන්ධනාාගර ගත කෙරුණා. මෙම පිරිස භාරයේ තිබී කේරළ ගංජා කිලෝ දෙකයි ග‍්‍රෑම් 250ක් සොයා ගෙන තිබෙනවා.
මෙම පොලිස් නිලධාරියා කේරළ ගංජා අලෙවි කරන බවට සුරාබදු දෙපාර්තමේන්තුවට කළක සිට තොරතුරු ලැබී තිබූ අතර, මොහු දකුණු පළාතේ පුද්ගලයින් කිහිපදෙනෙකුට ගංජා අලෙවි කරන බවටයි වාර්තා වී තිබුණේ.
ඒ අනුව මෙම පුද්ගලයින් හරහා උපාය දූතයෙකු මාර්ගයෙන් ගංජා මිලදී ගැනීම සඳහා සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් පලෙයි ප‍්‍රදේශයට ගොස් තිබුණා.
එහිදියි සැකකරුවන් පලෙයි ප‍්‍රදේශයේ පිහිටි පොල් සංවර්ධන අධිකාරියේ නිවාඩු නිකේතනයකට පැමිණෙන ලෙස සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට දැනුම්දී තිබුණේ.
එම අවස්ථාවේ ගංජා තොගය රැගෙන ආ අදාළ පලෙයි පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා සහ පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.