
පොලිස්පති සී.ඩී. වික‍්‍රමරත්න විශ‍්‍රාම යෑමෙන් පුරප්පාඩු වන පොලිස්පති ධූරය සඳහා මෙතෙක් ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන් නාමයෝජනාවක් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවට ලැබී නොමැති බව වාර්තා වනවා.
පොලිස්පතිවරයා අද දිනයේ විශ‍්‍රාම යෑමට නියමිතව ඇත්තේ වයස අවුරුදු 60 සම්පූර්ණ වීම හේතුවෙන්.
පොලිස්පතිවරයා පත් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් නාම යෝජනාවක් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවට ඉදිරිපත් කළ යුතු වනවා. අනතුරුවයි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාව රැස්වී එම පුද්ගලයාගේ නම සඳහා අනුමැතිය ලබාදීම හෝ වෙනත් නමක් යෝජනා කර එවන ලෙස ජනාධිපතිවරයාට දැනුම්දීමක් සිදුකරනු ලබන්නේ.
පොලිස්පතිවරයා විශ‍්‍රාම යෑමත් සමඟ එම ධූරයට වැඩබලන පොලිස්පතිවරයෙකු පත් කිරීම හෝ වත්මන් පොලිස්පතිවරයා සේවා දිගුවක් ලබාදෙනු ඇතැයි විවිධ වාර්තා පළ වුණා.
කෙසේ වෙතත්, පසුගිය සඳුඳා ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් පැවති ආණ්ඩු පක්ෂ රැස්වීමේදී වත්මන් පොලිස්පති සී.ඩී. වික‍්‍රමරත්නට සේවා දිගුවක් ලබාදීමට මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුම සිය විරෝධය පළ කර තිබෙනවා.
අරගලය පැවති සමයේදී මෙන්ම මන්ත්‍රීවරුන්ගේ නිවාස ගිනිබත් කිරීමේ සිද්ධීන්වලදී පොලිස්පතිවරයාගේ ක්‍රියාකලාපය පිළිබඳව මෙහිදී ඔවුන් නොසතුට පළ කර ඇති බවයි වාර්තා වන්නේ.