
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශවික වෙළඳාමට පහසුකම් සැලසීම සඳහා අමෙරිකානු ඩොලර් බිලියනයකට සමාන ඉන්දීය රුපියල් හුවමාරු පහසුකමක් ලබා ගැනීම සඳහා ලක් රජය සාකච්ඡා කරමින් සිටින බව හිටපු මහ බැංකු අධිපතිවරයෙකු වන ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි පවසනවා.
ශ්‍රී ලංකා මහ බැංකුවේ, බැංකු අධ්‍යයන මධ්‍යස්ථානය සංවිධාන කළ වැඩසටහනකට එක්වෙමින් ඔහු කියා සිටියේ පසුගිය වසරේ ඉන්දියාවෙන් ලැබුණු අමෙරිකානු ඩොලර් බිලියනයක ණය සහ ආසියානු නිෂ්කාශන සංගමය යටතේ ඇති ණය ගෙවීම වසර 05 කින් දීර්ඝ කර ගැනීමටද ලක් රජය සාකච්ඡා ආරම්භ කර ඇති බවයි.
මේ අතර, 2023 වසර සඳහා මෙරට අපනයන ඉපයීම් අමෙරිකානු ඩොලර් බිලියනයේ සිමාව ඉක්මවා ගොස් ඇති අතර, පෙබරවාරි මාසය වනවිට අපනයන ආදායම දැක්වුණේ අමෙරිකානු ඩොලර් බිලියන 1 යි දශම 0 යි 0 යි 5 යි 2 ක් ලෙසින්.