
කිරි තේ කෝප්පයක මිල හෙට (27) සිට රුපියල් 10 කින් පහත හෙලීමට කටයුතු කරන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා. එහි සභාපති අසේල සම්පත් කියා සිටියේ කිරිපිටි මිල පහත දැමීම සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත් බවයි.
ඒ අනුව රුපියල් සියයක්ව පවතින කිරි තේ කෝප්පයක මිල රුපියල් 90 දක්වා අඩු කරන බවයි ඔහු තවදුරටත් කියා සිටියේ.
හෙට සිට කිරිපිටි මිල පහළ දැමීමට ආනයනික කිිරිපිටි සමාගම් තීරණය කළ අතර, ඒ අනුව කිරි පිටි කිලෝග‍්‍රෑමයක් රුපියල් 200 කින් සහ ග‍්‍රෑම් 400 කිරිපිටි පැකැට්ටුවක මිල රුපියල් 80 කින් පහත දමන බවයි ඔවුන් කියා සිටියේ.