
ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තර ලක්ෂ 10 ක තොගයෙහි සාම්පල් පරික්ෂාව මේ වනවිට ආරම්භ කර ඇති බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසනවා.
එහි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය හේමාලි කොතලාවල කියා සිටියේ අදාළ සාම්පල බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනය සහ පේරාදෙණිය පශු වෛද්‍ය කාර්යාලය වෙත යොමුකර ඇති බවයි. දින 4 ක් තුල එම සාම්පල පරීක්ෂාව පිළිබඳ වාර්තා වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය වෙත ලබාදෙන බවද ඇය සඳහන් කළා.
කෙසේ වෙතත්, වෙළඳ වානිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප‍්‍රනාන්දු ජා-ඇල පැවති හමුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ නිලධාරින්ගේ ප‍්‍රමාදයන් නිසා බිත්තර රේගුවෙන් නිදහස් කර ගැනීම තවදුරටත් ප‍්‍රමාද වන බවයි.
දින ගණනාවක සිට වෙළඳපොල තුළ යළි බිත්තර හිඟයක් නිර්මාණය වී ඇති බවයි වාර්තා වන්නේ.