
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම හිමිවීමෙන් පසු ඉදිරි ආර්ථික ක‍්‍රියාමාර්ග පිළිබදව මෙරට වාණිජ ණය හිමියන් සහ ආයෝජකයන් දැනුවත් කිරීමට තීරණය කර තිබෙනවා. ඒ සදහා වන විශේෂ කරුණු දැක්වීමක් මාර්ගගත ක‍්‍රමය ඔස්සේ ලබන 30 වනදා මෙරට වේලාවෙන් පස්වරු 06 ට පමණ සිදුකෙරෙන බවයි මුදල් අමාත්‍යාංශය සදහන් කළේ.
මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සහ මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප‍්‍රතිපත්ති අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන විසින් මෙම දැනුවත් කිරීම සිදු කරන බව සදහන්. සියලූ ණය හිමියන් සමග විශ්වාසයෙන්, සහ විනිවිදභාවයෙන් කටයුතු කරමින් ණය අර්බුදයට ඵලදායි විසදුම් සෙවීම පිළිබඳ ශ‍්‍රී ලංකාවේ කැපවීම සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමු කෙරෙන බවයි මුදල් අමාත්‍යංශය සඳහන් කළේ.
මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන මෙරට ආර්ථික ස්ථායිතාව ඇති කර ගැනීම සදහා තීරණාත්මක බැවින් බලාපොරොත්තු සහගත ප‍්‍රතිව්‍යුහගතකරණයන් හරහා එය ඉටුකරගැනීමට පුළුල්ව කැපවන බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සදහන් කර තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් මහබැංකු අධිපතිවරයා ප‍්‍රකාශ කර ඇත්තේ, අඛණ්ඩව උද්ධමනය පස්වන මාසයටත් අඩුවීම, විදේශ සංචිත ඩොලර් බිලියන 2.2 දක්වා ඉහළයාම, හරහා ආර්ථිකය යථාතත්වයට පත් කරගැනීමට අදාළ ධනාත්මක සංඥා ලැබී ඇති බවයි.