
තංගල්ල – වැලිආර – නෙටොල්පිටිය ප‍්‍රදේශයේදී පොහොර ඉල්ලූම්පත‍්‍රයක් ලබානොදීම නිසා පුද්ගලයෙකු විසින් තියුණු ආයුධයකින් පහරදී කෘෂිකර්ම පර්යේෂණ නිලධාරිනියක ඝාතනය කර තිබෙනවා.
ඇය අද උදෑසන සිය නිවසේ සිට ක්ෂේත‍්‍ර රාජකාරි සඳහා යමින් සිටියදී මෙම ඝාතනය සිදුකර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
මෙලෙස මියගොස් ඇත්තේ 30 හැවිරිදි නෙටොල්පිටිය ප‍්‍රදේශයේම පදිංචි විවාහක කාන්තාවක්.
සරත් හෙවත් ඩැනී බේබි ලෙස හදුන්වන සැකකරු මෙවර පළාත් පාලන ඡන්දයට තංගල්ල ප‍්‍රාදේශීය සභාවට තරඟ කරන සමගි ජනබලවේගයේ අපේක්ෂකයෙකු බවයි පොලිසිය සඳහන් කළේ.
සැකකරු ඊයේ, ඝාතනයට ලක්වූ කෘෂිකර්ම පර්යේෂණ නිලධාරිනියගේ කාර්යාලයට ගොස් ඇත්තේ පොහොර ගැනීම සඳහා ඉල්ලූම් පත‍්‍රයක් ලබාගැනීමටයි.
කෙසේ වෙතත් එහිදී දෙදෙනා අතර කිසියම් ආරවුලක් හටගෙන ඇති අතර එම අවස්ථාවේ ඝාතනයට ලක්වූ කාන්තාව සැකකරුගේ මවට බැන වැදී ඇති බව සඳහන්.
ඊට පළිගැනීමක් ලෙස අද උදෑසන අදාළ කෘෂිකර්ම පර්යේෂණ නිලධාරිවරිය පැමිණෙන මාර්ගය අසළ සැඟව සිට සැකකරු මෙම ප‍්‍රහාරය එල්ලකර ඇති බවයි වාර්තා වන්නේ. අනතුරුව අදාළ පුද්ගලයා පොලිසිය පැමිණෙන තුරු එම ස්ථානයේම රැඳීසිට භාරවී තිබෙනවා.