/
/
title icon
සහරාන්ට ආධාර දුන් කෝටිපති ව්‍යාපාරිකයා රඳවාගෙන ප්‍රශ්න කෙරේ.
සහරාන්ට ආධාර දුන් කෝටිපති ව්‍යාපාරිකයා රඳවාගෙන ප්‍රශ්න කෙරේ.
Editor
1 year ago
Share:
සහරාන්ට ආධාර දුන් කෝටිපති ව්‍යාපාරිකයා රඳවාගෙන ප්‍රශ්න කෙරේ.

 

තවුහිද් ජමාද් සංවිධානයේ නායක සහරාන් හෂීම් ගෙන් අවි පුහුණුව ලබා පාස්කු ඉරිදා මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයට ආධාර අනුබල ලබාදුන් බව කියන කෝටිපති ව්‍යාපාරිකයෙකු දින 90ක් රඳවාගෙන ප‍්‍රශ්න කිරීමට අධිකරණය අවසර ලබා දී තිබෙනවා.

ඒ, ත‍්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය විසින් කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් පසන් අමරසේන හමුවේ ඊයේ කළ කරුණු දැක්වීමකට අනුවයි.

මෙලෙස දින 90ක රදවාගෙන ප‍්‍රශ්න කිරීමට අවසර ලබා දුන්නේ මහනුවර ප‍්‍රදේශයේ පදිංචි ඒ. එස්. අබ්දුල්ලා නැමැති පුද්ගලයෙකුවයි.

අන්තවාදී ක‍්‍රියාකාරකම්වලට සම්බන්ධ වී ඒ සඳහා ආධාර අනුබල දීම සම්බන්ධයෙන් පසුගිය 21 වැනිදා සැකකරු, අත්අඩංගුවට ගෙන තිබුණා. මොහු සහරාන් හෂීම්ගේ හම්බන්තොට ප‍්‍රදේශයේ පවත්වාගෙන ගිය ආරක්ෂක නිවස්නයක දී අවි පුහුණුව ලබා ඇති බවටද හෙලිව තිබෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required