
හෙට මධ්‍යම රාත‍්‍රියේ සිට ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් දහසකට ආසන්න අගයකින් පහත දමන බව ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් ප‍්‍රකාශ කළා.
ලෝක වෙළඳපලේ ගෑස් මිල අඩුවීම සහ රුපියල ශක්තිමත් වීම ඇතුළු කරුණු සළකා මිල සූත‍්‍රයට අනුව මෙම සංශෝධනය සිදුකරන බවයි ඔහු කියා සිටියේ.
අවසන් වරට ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනයක් පසුගියදා පෙබරවාරි 05 වනදා සිදුවූ අතර එහිදී කිලෝග‍්‍රෑම් 12.5 ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 334 කින් ඉහළ දැමුණා.
ඒ අනුව එම වර්ගයේ ගෑස් සිලින්ඩරයක් මේ වන විට අලෙවි වන්නේ රුපියල් 4,743 කටයි. එසේම කිලෝග‍්‍රෑම් 05 ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක් රුපියල් 1904 කට සහ කිලෝග‍්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක් රුපියල් 883 කට අලෙවි වනවා.
මේ අතර සිය මිල ගණන්ද පහත දැමීමට තීරණය කර ඇති බවයි ලාෆ් ගෑස් සමාගම ප‍්‍රකාශ කළේ.