
තලෙයිමන්නාරම – වැලිපර ආශි‍්‍රත මුහුදු ප‍්‍රදේශයේ නාවික හමුදාව සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී රුපියල් කෝටි නවයකට අධික වටිනාකමකින් යුත් හෂීස් මත්ද්‍රව්‍ය කිලෝග‍්‍රෑම් 92 තොගයක් රැගත් විදේශීය යාත‍්‍රාවක් සමඟ විදේශිකයන් තුන්දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් ඉන්දියානු ජාතිකයන් තුන්දෙනා අවුරුදු 36, 41 සහ 52 යන වයස්වල පසුවනවා.
මත්ද්‍රව්‍ය ඇතුළු නීති විරෝධී ජාවාරම් මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තරයෙන් කරන මුර සංචාරවල ප‍්‍රතිඵලයක් ලෙසයි ඊයේ මෙම වැටලීම සිදුකර ඇත්තේ.
ඒ අනුව, උතුරු මැද නාවික විධානයට අයත් ශ‍්‍රී ලංකා නාවික නෞකා තම්මැන්නා ආයතනයට අනුයුක්ත මැරීන් බලඝණ නාවිකයින් යොදවා සිදුකළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී සැකකටයුතු විදේශීය යාත‍්‍රාවක් නිරීක්ෂණය කර තිබෙනවා.
පසුව එය පරීක්ෂා කළ අවස්ථාවේදී එහි තිබී උර 03 ක් තුළ පාර්සල් 95 ක අසුරන ලද හෂීස් කිලෝග‍්‍රෑම් 92 ක තොගයක් සොයාගනු ලැබුවා.
මෙම දින කිහිපයේම නාවික හමුදාව මත්ද්‍රව්‍ය වැටලීම් සිදුකරන අතර එහි ප‍්‍රතිඵලයක් ලෙස පෙරේදා යාපනය, ඩෙල්ෆ් දූපතට බටහිර දෙසින් වූ මුහුදු ප‍්‍රදේශයේදීද රුපියල් කෝටි 9 ක් පමණ වටිනා කේරළ ගංජා කිලෝග‍්‍රෑම් 283 ක තොගයක් නාවික හමුදා බාරයට ගනු ලැබුවා.
පසුගිය 2 වනදා රාත‍්‍රියේ ද නාවික හමුදාව සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී යාපනය – කන්කසන්තුරේ මුහුදු ප‍්‍රදේශයේ යාත‍්‍රා කරමින් තිබූ ඩිංගි යාත‍්‍රාවක තිබී රුපියල් කෝටි 14 කට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබුණා.