
වෛද්‍යවරයෙකු ලෙස හඳුන්වා විදේශ රැකියා ලබාදෙන බවට පවසමින් මුදල් වංචා කළ බව කියන පුද්ගලයකු රිජ්වේ ආර්යා ළමා රෝහල ඉදිරිපිටදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු සන්තකයේ තිබී වෙද නලාවක් සහ ”ඩොක්ටර් ”යනුවෙන් සඳහන් නිළ ඇඳුමක්, වෛද්‍ය පොත්පත් කිහිපයක් ද පොලිසිය භාරයට ගෙන ඇති බවයි බොරැල්ල පොලීසිය සඳහන් කළේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ යක්විල – පන්නල ප‍්‍රදේශයේ පදිංචි අවුරුදු 56ක පුද්ගලයෙක්. මොහු දැනට වතුපිටිවල ප‍්‍රදේශයේ තාවකාලිකව පදිංචි වී සිට ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.
රිජ්වේ ආර්යා ළමා රෝහල් පරිශ‍්‍රය තුල සැරිසරා ඇති සැකකරු බිරිඳගේ නමට ඕස්ටේ‍්‍රලියාවේ ඇපල් වත්තක් පවතින බවත් එහි සේවය කිරීමට පුද්ගලයින් සොයන බවත් රෝගීන් බැලීමට පැමිණෙන පිරිස් වෙත පවසා තිබෙනවා.
එලෙස පවසමින් ඔහු කළක් තිස්සේ මෙම වංචාව සිදුකර ඇති බවටයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ.
එමෙන්ම පොලිසිය සඳහන් කළේ මොහු කොළඹ ජාතික රෝහලේ වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටිමින් ඕස්ටේ‍්‍රලියාවට යවන බව පවසා පුද්ගලයෙකුගෙන් රුපියල් 70,000ක මුදලක් වංචා කර ඇති බවයි.