
කිව්.ආර් කේතයෙන් බැහැරව ඉන්ධන අලෙවිකළ පිරවුම්හල් 40 ක ඉන්ධන අලෙවිකිරීමේ කටයුතු අත්හිටවූ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.
ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ තොග ගබඩා පර්යන්තයේ පාලනාධිකාරිය සහ නිලධාරින් සමඟ ඊයේ (06) පැවති ප‍්‍රගති සමාලෝචන රැස්වීමකදී මෙම තීරණයට එළැඹි බවයි අමාත්‍යවරයා කියා සිටියේ.
ඉදිරි සති 08 වෙනුවෙන් ඉන්ධන ආනයන සැලසුම, පිරිපහදු කටයුතු සහ උත්සව සමයේ ඉන්ධන අඛණ්ඩ බෙදාහැරීම් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.
එමෙන්ම සියලූ පිරවුම්හල් ඉන්ධන ටැංකි ගබඩා තුළ ධාරිතාවයෙන් අවම සියයට 50 ක තොග පවත්වාගෙන යායුතු බවටද එහිදී තීරණය කළ බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කළේ.
එසේම ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සතු සියලූම ටැංකි රථ සඳහා ජී.පී.එස්. උපාංග සවිකිරීම මේ මස 15 වනදා වන විට අවසන් කිරීමටත් පෞද්ගලික ටැංකි රථ සඳහාද එය ඉදිරියේදී ක‍්‍රියාත්මක කිරීමටත් නියමිතයි.
මේ අතර සොජිට්ස් කැලණිතිස්ස සමාගම විසින් පාලනය කළ ඒකාබද්ධ චක‍්‍රීය බලාගාරය ලංකා විදුලිබල මණ්ඩලය යටතට පත්කර තිබෙනවා.